header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනයට යෝජනා සලකා බැලේ
ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනයට යෝජනා සලකා බැලේ
Mobitel 1278

දැනට ක්‍රියාත්මක වන 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සංශෝධන පිළිබඳ යෝජනා සලකා බැලීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සිදු විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

සංසදයේ සභාපතිනි, අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියට සහභාගී වීමට නොහැකි වීම හේතුවෙන්, එහි නියෝජ්‍ය සම සභාපතිවරියන් වන නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ සමන්මලී ගුණසිංහ යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ එමඟින් පීඩාවට පත්වන පුද්ගලයන්ට කඩිනම් නීතිමය සහන ලබා දීම මෙම පනතේ මූලික අරමුණ වේ.

මෙම පනත වෙනුවට යෝජිත නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මුස්ලිම් කාන්තා පර්යේෂණ හා ක්‍රියාකාරී සංසදය විසින් යෝජනා රැසක් මෙහිදී ඉදිරිපත් කරන ලදී.

ප්‍රචණ්ඩත්වයට ලක් වන වැඩිහිටියන් සහ දරුවන් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි පුද්ගලයන් හා නිලධාරීන්ගේ පරාසය පුළුල් කිරීම, අයදුම් කිරීමේ ක්‍රියාවලිය සරල කිරීම, අතුරු ආරක්ෂණ නියෝග වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ ආරක්ෂණ නියෝග සම්බන්ධ පසු විපරම් ක්‍රමවේද ශක්තිමත් කිරීම ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

එමෙන්ම, නීති සම්පාදනයට පමණක් සීමා නොවී, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන්ගේ සැබෑ අත්දැකීම් මත පදනම් වූ නීතිමය හා ආයතනික ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.

මීට අමතරව, 'ක්‍රිසාලිස් ශ්‍රී ලංකා' සංවිධානය මඟින් කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය හා නියෝජනය ඉහළ නැංවීම පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට අමතරව, ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළු තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා ඔවුන්ගේ සහභාගීත්වය පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පවතින නීතිමය ආරක්ෂණ ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමටත්, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා ඔවුන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් මෙහිදී එකඟතාව පළ විය.

මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී..  බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී.. බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ