
වෙළෙඳපොළේ මිල වැඩි ප්‍රධාන ඖෂධ 13ක මිල නියාමනය තුළින් රජයට ලැබුණු ලාභය රුපියල් බිලියන 5.7ක් ලෙස ඇස්තමේන්තුගත කළ හැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසින් අද (01) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
"මිල වැඩි ප්‍රධාන ඖෂධ 13කින් විතරක් මිල නියාමනය තුළින් රජයට වෙච්ච ලාභය විදියට ඇස්තමේන්තු කරන්න පුළුවන් රුපියල් බිලියන 5.7ක්.
"ඒ වගේම ජනතාවට ලැබෙන ලාභය වෙනස් වෙනවා ගන්න ඖෂධ මත."
"අපිට මිල අඩු කිරීමට හැකිවූ ඖෂධ දීර්ඝ කාලීනව ගන්න ඒවා."





















































