
හැටන් සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා පෙරළීයාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
අද (01) උදෑසන 6ට පමණ හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි පසුපස අසුනේ ගමන් ගත් කාන්තාව බරපතළ තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තුවාල ලැබූ කාන්තාව දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා තිබේ.
ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයේ වේගය පාලනය කර ගැනීමට රියදුරුට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් ත්‍රීරෝද රථයටද දැඩි අලාභහානි සිදු වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.





















































