
අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
81 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව නිව්යෝර්ක් නුවරදී මෙම හමුව සිදුව ඇත.
ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසාධන හා ප්‍රතිසංස්කරණ වැඩසටහන මෙන්ම ජාතික සංහිඳියාව සඳහා ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට වැඩි සහායක් ලබාදීම අරමුණු කරගත් ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහයේ ප්‍රතිසංස්කරණ පිළිබඳවද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන තිබේ.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ලබාදෙන දායකත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත.
අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාව සුහද හා ඵලදායී එකක් වූ බවය.





















































