
බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ තුන්වන අදියර යටතේ කිරුළපන මංසන්ධියේ සිට කොළඹ-හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා මාර්ග කොටස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව, කිලෝමීටර් 0.86ක් දිගැති මෙම මාර්ග කොටස මංතීරු හයකින් යුතුව සංවර්ධනය කිරීමට නියමිතය.
ව්‍යාපෘතිය යටතේ මාර්ගය යටින් දිවෙන මාර්ගයක් හෙවත් Underpass එකක්, සංඥා පද්ධති සහිත මංසන්ධි, පදික පහසුකම් සහ ජලාපවාහන පද්ධති වැඩිදියුණු කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.
අදාළ කාර්යය සඳහා ජාතික තරගකාරී ලංසු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලැබුණු ලංසු 07ක් ඇගයීමෙන් අනතුරුව අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට නිර්දේශ කර ඇත.
ඒ අනුව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු ලෙස තෝරාගෙන ඇති මාගා ඉංජිනියරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත වැට් බද්ද රහිත රුපියල් බිලියන 2.89ක මුදලකට කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.





















































