
විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (28) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ අද දිනයේදී අමාත්‍යවරයා මෙරට ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බවය.
මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ තේමාව වන "විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්ථනය කළමනාකරණය කිරීම, සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්" යන තේමාවට අනුකූලව අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කරනු ඇති බවද අමාත්‍යාංශය සඳහන් කළේය.
මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ.





















































