header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
2030වන විට වසරකට සංචාරක කර්මාන්තයේ ඉලක්කය අ.ඩො. බිලියන 8ක්
2030වන විට වසරකට සංචාරක කර්මාන්තයේ ඉලක්කය අ.ඩො. බිලියන 8ක්
Mobitel 1278

2030 වන විට වසරකට සංචාරකයින් මිලියන 4ක් ගෙන්වා ගනිමින් ඩොලර් බිලියන 8ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව පැවසුවේ, "Digital Agenda and Artificial Intelligence to Redesign Tourism" යන තේමාව යටතේ අද (27) බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති 2026 ලෝක සංචාරක දින සැමරුමට එක්වෙමිනි.

එහිදී අදහස් දක්වමින් ඇය පැවසුවේ, 2026 අයවැයෙන් ජාත්‍යන්තර ඩිජිටල් ප්‍රවර්ධන ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 6ක්ද, පරිසර හිතකාමී සහ සංස්කෘතික උරුම ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 3.5ක්ද, ගුවන්තොටුපොළ නවීකරණයට මිලියන 1,000ක් සහ මානව සම්පත් සංවර්ධනයට මිලියන 500ක් වෙන් කර ඇති බවය.

පාසල් මට්ටමේ සංචාරක සමාජ (Tourism Clubs) හරහා සහ ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් සංචාරක ක්ෂේත්‍රය නව වෘත්තීය මාර්ගයක් ලෙස හැදෑරීමට අග්‍රාමාත්‍යවරිය එහිදී සිසුන්ට ආරාධනා කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

"අද වනවිට සමස්ත ලෝකයම අතිශය වේගවත් ඩිජිටල් පරිවර්තනයකට ලක්වෙමින් පවතිනවා.

අපගේ “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණක් වන්නේ රටේ සියලුම ක්ෂේත්‍ර නූතන තාක්ෂණයෙන් සහ සැබෑ ප්‍රතිසංස්කරණවලින් සන්නද්ධ කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීමයි.

2024 වසරේ සිට මේ දක්වා අපි සංචාරක ක්ෂේත්‍රයේ විශාල පිම්මක් ඉදිරියට තබා තිබෙනවා. 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ 20කට අධික ප්‍රමාණයක්, ඒ කියන්නේ මිලියන 2.5ක් පමණ පැමිණි අතර, එයින් ඇමරිකානු ඩොලර් බිලියන 3.1ක ආදායමක් රටට ලැබුණා.

එම සාර්ථකත්වය තවත් ඉදිරියට ගෙනයමින් 2025 වර්ෂයේදී සංචාරකයින් 2,362,521ක් අපේ රටට පැමිණියා. ඒ හරහා ඩොලර් බිලියන 3.2ක විදේශ විනිමයක් උපයා ගැනීමට අපට හැකි වුණා.

අපි අමතක කළ යුතු නෑ, 2025 අපේ රටට සුළිකුණාටුවට මුහුණ දෙන්න සිද්ධ වුණේ සංචාරක සීසන් එකේ පීක් එක ඔන්න මෙන්න තියෙද්දී. ඒත් අපිට මේ විදිහට සාර්ථකව මේක කළමනාකරණය කරගැනීම ගැන අපි සියලු දෙනාම සතුටු වෙන්න ඕනේ.

අපගේ ප්‍රතිපත්තියට අනුකූලව සංචාරක කර්මාන්තය නංවාලීම වෙනුවෙන් 2026 අයවැයෙන් පෙර නොවූ විරූ දැවැන්ත ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙනයන ඩිජිටල් ප්‍රවර්ධන ව්‍යාපාරය ඇතුළු සංචාරක ප්‍රවර්ධන වෙනුවෙන් රුපියල් බිලියන 6ක් වෙන් කරලා තියෙනවා.

මෙතන පාසල් දරුවොත් ඉන්න නිසා මම විශේෂයෙන් ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම මේ ක්ෂේත්‍රයත් ඔබේ වෘත්තීය ගමනේ ක්ෂේත්‍රයක් හැටියට දකින්න. ඒකත් පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා බලන්න.

ඒක මම හිතන්නේ අපි පාසල් මට්ටමේ ටුවරිසම් ක්ලබ්ස් හරහා ඒ ගැන දැනුවත් කිරීමත්, ඉදිරියේදී අපි ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඒකේ වෘත්තීයමය භාවය පිළිබඳ දැනුවත් වීමට අවස්ථාත් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

මේ ක්ෂේත්‍රය මේ විදිහට දියුණු කරන්න නම් මේකේ මානව සම්පතත් දියුණු විය යුතුයි. අපගේ ඉදිරියේ ඉලක්කය වන්නේ 2030 වන විට වසරකට සංචාරකයින් මිලියන හතරක් මේ රටට ගෙනමින් ඩොලර් බිලියන අටක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමයි.

ඒ අභියෝග ජයගැනීම සඳහා අපි වැදගත් ක්‍රමවේද කිහිපයක් ඔස්සේ ගමන් කළ යුතුයි.

සංචාරක ව්‍යාපාරයක් කියන්නේ නිකන් එයාර්පෝට් එකට එන ගණන් ගණන් කරන එක විතරක් නෙවෙයි. ඊට එහා ඒක රටේ සංවර්ධන ඉලක්ක එක්ක සම්බන්ධ වෙන්න ඕනේ.

ඒ සංචාරක ව්‍යාපාරය සමානාත්මතාවය සහ පරිසර හිතකාමී එකක් විය යුතුයි. ඒ කියන්නේ සංචාරක ව්‍යාපාරය තුළම තියෙන ක්‍රියාවලිය තුළින්, විශේෂයෙන්ම අපේ ස්වභාවධර්මය, අපේ පරිසරයට හානි නොවන විදිහට, සූරාකෑමට ඉඩ නොදී, ඒ කියන්නේ අපේ පරිසරය සූරාකෑමෙන් ආරක්ෂා කරමින් අපි කොහොමද ඉදිරියට යන්නේ කියන එකත් ගැන අපි හිතන්න වෙනවා."

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම අරමුණු කරගනිමින්, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය (PGIAR), ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ඇතුළු ආයතන කිහිපයක් එක්ව මෙම විශේෂ වැඩසටහන සංවිධානය කර තිබිණි.

එමෙන්ම අත්තනගල්ල අලවල තිරසාර සංචාරක ගම්මානය ඩිජිටල් වේදිකාව ඔස්සේ ප්‍රවර්ධනය කිරීම සඳහා www.sltravel.lk වෙබ් අඩවිය අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී නිල වශයෙන් හඳුන්වා දෙන ලදී.

කෘත්‍රිම බුද්ධිය (AI), ඩිජිටල් සිතියම්කරණය, සංකල්පීය යථාර්ථය (Virtual Reality) සහ ඩිජිටල් කථාකිරීමේ ක්‍රමවේද (Digital Storytelling) සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ කරගැනීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ