
මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ බැංකු හා මූල්‍ය සංසදයේ ජාතික විධායක කමිටු සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී මෙරට ආර්ථිකය මේ වන විට අත්කරගෙන ඇති ප්‍රගතිය හා ජයග්‍රහණ මෙන්ම එම ආර්ථික ප්‍රතිලාභ ජනතාව වෙත බෙදී යන ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එමෙන්ම රටේ ආර්ථික හා සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ දැනුම, අත්දැකීම් සහ දායකත්වය ලබාගැනීමට අවශ්‍ය කටයුතු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
2027–2029 වර්ෂ සඳහා වන රාජ්‍ය බැංකු සාමූහික ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව විශේෂ අවධානය යොමු වූ අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
මීට අමතරව, APIT (Advance Personal Income Tax) බදු සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හා යෝජනා ඉදිරිපත් වූ අතර, ඒ පිළිබඳව ඉදිරියේදී යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද බැංකු හා මූල්‍ය සංසදයේ ජාතික කමිටු සාමාජිකයෝ සඳහන් කළහ.
රටේ ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන්ගේ දැනුම හා අත්දැකීම් ඵලදායී ලෙස යොදාගැනීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.





















































