
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඌව, නැගෙනහිර පළාත් සහ මන්නාරම, මුලතිව්, පොළොන්නරුව හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත.
එම නිවේදනයට අනුව, අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව සඳහන්.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.





















































