
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයෙකු පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සමගම සැකකරු සතුව තිබී කැණීම් උපකරණද පොලිස් භාරයට ගෙන ඇත.
ඊයේ (26) සවස පොළොන්නරුව පොලිස් වසමේ පලුගස්දමන ප්‍රදේශයේදී පොළොන්නරුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.
එහිදී මෙම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28ක් වූ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධව පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරති.





















































