
දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 18දෙනෙකු සෘජුව හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ශ්‍රී ලංකා පොලීසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව, ඊයේ(26) දිනට වාර්තාවට අනුව පුද්ගලයින් 27,201 දෙනෙකු පරීක්ෂා කර ඇත.
ඉන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 502 කි.
මෙහි සම්පූර්ණ වාර්තාව පහතින්,






















































