
පේරාදෙණිය විශ්වවිද්‍යාලය 2026 UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවේ අංක 1 ස්ථානය යළිත් වරක් තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.
2026 ශ්‍රේණිගත කිරීම් අනුව, රටවල් 110ක විශ්වවිද්‍යාල 2,016ක් අතරින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයේ 200 වැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර, ලකුණු 8,262.5ක් ලබාගෙන ඇත.
පරිසර හිතකාමී සහ තිරසර විශ්වවිද්‍යාල පරිසරයක් පවත්වාගෙන යාම, තිරසර සංවර්ධන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහ පාරිසරික වගකීම් සහගත භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය දක්වන අඛණ්ඩ ප්‍රගතිය මෙම ජයග්‍රහණය තුළින් පිළිබිඹු වේ.
UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී විශ්වවිද්‍යාලවල තිරසරභාවය පරිසර සැකසුම හා යටිතල පහසුකම්, බලශක්තිය හා දේශගුණික විපර්යාස, අපද්‍රව්‍ය කළමනාකරණය, ජල කළමනාකරණය, ප්‍රවාහනය, අධ්‍යාපනය, පාලනය සහ ඩිජිටල්කරණය ඇතුළු ප්‍රධාන දර්ශක කිහිපයක් ඔස්සේ ඇගයීමට ලක් කරනු ලබයි.
2026 වසරේ ශ්‍රේණිගත කිරීම “Advancing Sustainable Campuses through Governance, Digitalization, and Integrated Performance” යන තේමාව යටතේ ක්‍රියාත්මක කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙම අඛණ්ඩ ජයග්‍රහණය අත්කර ගැනීම සඳහා එහි අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ප්‍රජාව සහ අනෙකුත් සියලු පාර්ශ්වකරුවන් විසින් දක්වන ලද සාමූහික කැපවීම සහ දායකත්වය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.
රටවල් 110ක විශ්වවිද්‍යාල 2,016ක් සහභාගී වූ 2026 UI GreenMetric ශ්‍රේණිගත කිරීම තුළින් ලෝකයේ විශ්වවිද්‍යාලවල තිරසර ක්‍රියාකාරීත්වය ඇගයීම සඳහා පවතින ප්‍රධාන ජාත්‍යන්තර වේදිකාවක් ලෙස එහි වැදගත්කම තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ අංක 1 ස්ථානය අඛණ්ඩව රැක ගැනීම තුළින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තිරසර සංවර්ධනය, පරිසර සංරක්ෂණය සහ පරිසර හිතකාමී විශ්වවිද්‍යාල සංස්කෘතියක් ගොඩනැගීම සඳහා දක්වන අඛණ්ඩ කැපවීම යළිත් තහවුරු කරයි.




















































