
මෙරට නව චීන තානාපති Wei Huaxiang සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් පවත්වා තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ පැවති මෙම හමුවේදී දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය ඉදිරියටත් තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡා කෙරුණි.
ශ්‍රී ලංකාවේ සහ ගෝලීය තත්වයන් පිළිබදවද මෙහිදී අවධානය යොමු විය.
තමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ චීනය සමඟ පැවති මතක සටහන් පිළිබඳ මෛත්‍රීපාල සිරිපාල මහතා සිහිපත් කළ බව සඳහන්ය.
දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත්වනු දැකීමට බලාපොරොත්තු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.



















































