
චීන සහ අමෙරිකා ජනපති ආර්යාවන් එක්ව වොෂිංටනයේ පිහිටි ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට එක්ව තිබේ.
චීන ජනාධිපති ආර්යාව වන පෙං ලීයුවාන් මහත්මිය සහ අමෙරිකානු ජනපති ආර්යාව වන වන මෙලනියා ට්‍රම්ප් මහත්මිය මෙලෙස මෙම කෞතුකාගාරය නැරඹීමට එක්ව ඇත.
මෑත වසරවලදී අමෙරිකා පාර්ශ්වය විසින් චීන සංස්කෘතික නටඹුන් රැසක් චීනයට ආපසු ලබා දීම පිළිබඳව ප්‍රශංසාව පළ කළ චීන ජනපති ආර්යාව මෙහිදී සඳහන් කර ඇත්තේ චීනය සහ අමෙරිකාව අතර සංස්කෘතික හුවමාරු සහ ශිෂ්ටාචාර උරුමයන් සුරැකීමේ සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කළ යුතු බවය.
එමගින් දෙරටේ ජනතාව අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඇය මෙහිදී පවසා ඇත.
කෞතුකාගාරය නැරඹීමෙන් පසු පෙං ලීයුවාන් සහ මෙලනියා ට්‍රම්ප් යන මහත්මීන් දෙපළ අමෙරිකා තරුණ ගායක කණ්ඩායමක් විසින් චීන ගීත ගායනා කරන ආකාරයද නැරඹූහ.
එය නැරඹීමෙන් පසු චීන ජනපති ආර්යාව විසින් චීන - අමෙරිකා මිත්‍රත්වයේ දූතයින් බවට පත්වන්නැයි පවසමින් එහි සිටි දරුවන් දිරි ගනුවනු ලබන අයුරුද දක්නට ලැබුණි.





















































