
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල ලිපි ශීර්ෂ සහ මුද්‍රා ව්‍යාජ ලෙස සකස් කරමින්, රජයේ රැකියා, නිවාස සහ ණය ලබා දෙන බව පවසා ප්‍රදේශවාසීන්ගෙන් මුදල් අයකළ සැකකරුවන් පස් දෙනෙකු නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර යාපනය ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු සහ නුවරඑළිය, හැටන්, කොටගල යන ප්‍රදේශවල සන්නිවේදන පියස පවත්වාගෙන ගිය පුද්ගලයින් වන බව පොලීසිය පවසයි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකොන් මහත්මිය වෙනුවට එම කාර්යාලයේ වැඩ බලන ගණකාධිකාරි සහ සැළසුම් අධ්‍යක්ෂකවරයා ලෙස පෙනී සිටිමින් ඔවුන්ගේ අත්සන ව්‍යාජව යොදා සැකකරුවන් මෙම ජාවාරම සිදුකර ඇත.
ඉහත නිලධාරින් දෙදෙනාගේ ව්‍යාජ අත්සන යොදා මුදල් ලබාගත් අයට සැකකරුවන් විසින් ලබාදුන් ලිපි කිහිපයකට මෙතෙක් ප්‍රතිචාර නොලැබී ඇති බවට දිස්ත්‍රික් ලේකම්වරිය වෙත එවන ලද ලිපි කිහිපයක් පරීක්ෂා කිරීමේදි එම ශීර්ෂ පාඨ ලිපි සහ අත්සන් ව්‍යාජ බවට තහවුරු වී තිබේ.
ඒ අනුව, දිස්ත්‍රික් ලේකම්වරිය විසින් නුවරඑළිය කොට්ඨාශ අපරාධ විමර්ෂන අංශය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
සැකකරුවන් හැටන් කොටගල යන ප්‍රදේශවල තවත් පිරිසකගේ සහයෝගය මත එම ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් එසේ මුදල් ලබාගෙන ලබා ගත් මුදල තහවුරු කිරීම සඳහා එම ශීර්ෂ ලිපිවල ව්‍යාජ මුද්‍රාව යොදා ගෙන ලිපි ලබා දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ මුද්‍රා, ලිපි ශීර්ෂ මෙන්ම ඒවා සකස් කිරීමට යොදාගත් පරිගණකද අත්අඩංගුවට ගෙන තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සඳහන් කළේ, සිය නම සහ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරියගේ නම භාවිත කරමින් සංවිධානය කෙරුණු විවිධ උත්සව සඳහා ප්‍රදේශවාසීන්ගෙන් මුදල් එකතු කර ඇති බවයි.
අදාළ උත්සව සඳහා තමන් සහභාගී වන බව පවසා, පසුව නොවැලැක්විය හැකි හේතුවක් මත පැමිණීමට නොහැකි බව දුරකථනයෙන් දැනුම් දී රැස්වීම් පවත්වාගෙන යන ලෙස දන්වන උපක්‍රමයක්ද මොවුන් භාවිත කර ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.


















































