
හබීබ් රිෆාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.
අද (24) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායකවරයා ඉදිරියේ ඒ මහතා මෙලෙස දිවුරුම් දෙනු ලැබීය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.එස්. අබ්දුල් වාහිද් මහතා පසුගිය දා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා හබීබ් රිෆාන් මහතා නව මන්ත්‍රී ධුරයට පත්වුණි.


















































