
අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වෙයි.
අද දිනයේ සහ හෙට (25) දිනයේ ඊට අදාළ විවාදය පැවැත්වෙන අතර, හෙට පස්වරුවේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.
සජීවී විකාශය පහතින් නරඹන්න..


















































