
වත්තල, මහබාගේ ප්‍රදේශයේ පිහිටි පරිගණක අලෙවිසැලක අද (23) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.
මෙම හදිසි තත්ත්වය හේතුවෙන් කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ මහබාගේ ප්‍රදේශයේ කොළඹ දෙසට දිවෙන මංතීරුවේ දැනට දැඩි වාහන තදබදයක් හටගෙන ඇත.
ගින්න පාලනය කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් තිබේ.


















































