
කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ටෙලිග්‍රාෆ් ට්‍රාන්ස්ෆර් (TT) හරහා විදේශීය ගිණුම්වලට රුපියල් බිලියන 24.8ක් වටිනා අමෙරිකානු ඩොලර් මාරු කළ බවට චෝදනා එල්ල වූ සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔක්තෝබර් 01වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.
භාණ්ඩ ආනයනය කරන බවට හඟවමින් විද්‍යුත් විගමන පැවරුම් හරහා රුපියල් බිලියන 24.85ක වටිනාකමින් යුත් ඩොලර් සංචිත මෙරටින් බැහැර කිරීමට ආධාර අනුබල දුන් බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ, මෙරට ලියාපදිංචි සමාගම් 89ක් විසින් භාණ්ඩ ආනයනය කරන බවට හඟවමින් විද්‍යුත් විගමන පැවරුම් හරහා ඩොලර් සංචිත මෙරටින් බැහැර කර ඇති බවට පොලිස් මූලස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවයි.
පොලිස්පතිවරයාගේ නියමයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනයේදී මේ බව අනාවරණය වී තිබේ.
ඒ අනුව, ඊයේ (22) සිදුකළ විමර්ශනවලදී අදාළ සමාගම් අතරින් සමාගම් 05ක් මගින් ව්‍යාජ ලෙස රුපියල් බිලියන 24.85ක වටිනාකමින් යුත් ඩොලර් සංචිත මෙරටින් බැහැර කිරීමට ආධාර අනුබල දුන් බවට සැකපිට පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු 35 හැවිරිදි වේල්ලවීදිය, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2024 දෙසැම්බර් සිට 2025 නොවැම්බර් දක්වා කාලය තුළ භාණ්ඩ ආනයනයකින් තොරව ටෙලිග්‍රැෆික් (TT) හුවමාරු ක්‍රමය හරහා අදාළ ඩොලර් විදේශ ගිණුම් වෙත යොමු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


















































