
සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල පාර්ලිමේන්තු කටයුතුවල වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ.
ඒ අනුව, සැප්තැම්බර් 22 දිනට නියමිතව තිබූ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ විවාදය සැප්තැම්බර් 23 දින පැවැත්වීමට තීරණය කර ඇත.
සැප්තැම්බර් 23 දිනට නියමිතව තිබූ ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමටද තීරණය කර තිබේ.
එමෙන්ම, සැප්තැම්බර් 23 දින විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213ක මූල්‍ය සහනාධාරයක් ලබාදීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව අනුමත කිරීමට නියමිතය.
අදාළ පරිපූරක ඇස්තමේන්තුව සැප්තැම්බර් 22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2026 වසරේ රේඛීය අමාත්‍යාංශ වෙත වෙන්කර ඇති, වසර අවසන් වනවිට උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින් සපයා ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.
සැප්තැම්බර් 24 සහ 25 යන දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු නොවන බවද පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය සඳහන් කර ඇත.
මේ අතර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සැප්තැම්බර් 24 සහ 25 යන දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය සඳහන් කරයි.



















































