
Summary
ගිං ගඟ සහ කළු ගඟ ආශ්‍රිතව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සුළු ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ පවතින වර්ෂාපතනයන් අනුව ඊයේ (20) වන දින නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය නැවත ඉදිරි පැය 24 දක්වාද දීර්ඝ කරන බවය.
මේ හේතුවෙන් එම ගඟ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව සහ ඒ හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන් අවදානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.



















































