
පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස ඉදිකර දෙන බව පවසමින් පුද්ගලික ආයතනයක් මගින් මුදල් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුදල් ලබා ගෙන නිවාස ඉදි නොකිරීම සම්බන්ධයෙන් එම අංශයට ලද පැමිණිලි 245ක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී මීට පෙර අදාළ පුද්ගලික ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදි එම ආයතනයේ ප්‍රධාන අලෙවි කළමනාකරු හා මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළ කාන්තාවක් දෙදෙනෙකු අදාළ මූල්‍ය වංචාවට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකාරියන් සතුව තිබී මෝටර් රථ 04ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
අදාළ කාන්තාවන් දෙදෙනා 30 හැවිරිදි හා 31 හැවිරිදි කහවත්ත හා කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
ඔවුන් අද (19) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිසිය පැවසීය.



















































