
යාපනය - කරෛනගර් විදීයේ, මනාප්පායි දේවස්ථානය බලා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි 26 හැවිරිදි තරුණයෙකු යාපනය පොලිස් මුරපොළ අසළ ඇදවැටී මිය ගොස් තිබේ.
මරණකරු චුන්නාක්කම් ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලීසිය සඳහන් කළේය.
පොලිස් නිලධාරින් යතුරුපැදිය නතර කරන ලෙසට සංඥා කර ඇති අතර එය නැවැත්වීමෙන් අනතුරුව ඔහු ඇදවැටී මෙලෙස මරණයට පත්ව ඇත.
ඔහුගේ මළසිරුර මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන්ය.



















































