
වසරේ මේ දක්වා කාල සීමාව තුළ සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 75ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, මේ වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 98,616ක් වන අතර, මරණ අනුපාතය 0.076%ක් ලෙස සටහන් වේ.
සමස්ත රෝගීන්ගෙන් 52.62%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.
දෙවනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 14,209කි.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 20,917ක් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,435ක් සහ මහනුවරින් රෝගීන් 7,410ක් ලෙස වාර්තා වී ඇත.
මේ අතර ඩෙංගු රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,964කි.
එමෙන්ම ජූනි මාසයේදී රෝගීන් 21,533ක් සහ අගෝස්තු මාසයේදී රෝගීන් 10,155ක් ලෙස වාර්තා වී ඇත.
සැප්තැම්බර් මාසයේ මේ දක්වා කාලය තුළ රෝගීන් 3,125ක් හඳුනාගෙන තිබේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 34ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදුව තබා ගැනීමට වහාම පියවර ගන්නා ලෙසය.



















































