
Summary
නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩිකොළ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව පැවසුවේ සිය භාරයට ගත් බීඩිකොළ තොගයේ ප්‍රමාණය කිලෝ 810ක් බවය.
නාවික හමුදාව විසින් මීගමුව මුහුදු ප්‍රදේශයේදී ඊයේ (18) දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් කර තිබේ.
එහිදී මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කර ඇත.
එහිදී එම යාත්‍රාව තුළ තිබී උර 21ක් තුළ අසුරා තිබූ මෙම බීඩි කොළ තොගය නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එහිදී සැකකරුවන් දෙදෙනෙකුද සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ අවුරුදු 41ක් හා 44ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවට මේ වන විට හඳුනාගෙන ඇති අතර එම සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමටමද කටයුතු කර තිබේ.



















































