header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
විල්පත්තු මායිමේදී සිදු වූ කුඹුක් ගස් ගිනි ගැනීමට අදාළව විමර්ශන වාර්තාවෙන් හෙළිවූ දේ
විල්පත්තු මායිමේදී සිදු වූ කුඹුක් ගස් ගිනි ගැනීමට අදාළව විමර්ශන වාර්තාවෙන් හෙළිවූ දේ
Mobitel 1278

විල්පත්තුව ජාතික වනෝද්‍යාන කලාපයේ පිහිටි වනාතවිල්ලුව පරණ එළුවන්කුළම 'නෙළුම් වැව' පරිශ්‍රයේ ශාක ගිනිගෙන විනාශ වීම සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් අනාවරණය වී තිබේ.

පරිසර අමාත්‍යාංශය සඳහන් කරනුයේ අමාත්‍යාංශ මැදිහත්වීම මත ඊයේ (18) දින පුළුල් ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂණයක් පවත්වන ලද බවය.

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පැවැති මෙම ඒකාබද්ධ නිරීක්ෂණය සඳහා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්වරයා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වයඹ පළාත් පරිසර අධිකාරිය, ගොවිජ සේවා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, රාජ්‍ය දැව සංස්ථාව සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා ඇතුලු රාජ්‍ය ආයතන ගණනාවක නිලධාරීන් එක්ව ඇත.

මෙම පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ විශාල කුඹුක් ගස් 61ක්, බක්මී ගස් 24ක් සහ මාදං ගස් 02ක් ඇතුළුව මුළු ගස් 110කට ආසන්න ප්‍රමාණයක් ගින්නට හසුව ඇති බවය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම වැව පසුගිය දිට්වා සුළි කුණාටු සමයේදී වැව් බැම්ම කැඩී යාම නිසා පිළිසකර කරමින් පවතින අතර එහිදී වැව තුළින්ම පස් ලබා ගනිමින් පිළිසකර කිරීම් සිදුකරන අතරතුර එක්රැස්ව තිබූ වියළි ශාක කොටස් මත හටගත් ගින්නකින් ගස්වල පාදම පිලිස්සී මෙලෙස බිම වැටී ඇති බවට නිරීක්ෂණය වී තිබේ.

මෙම වැව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සංවේදී ප්‍රේරණ කලාපය තුළ පිහිටා තිබුණද අදාළ ප්‍රතිසංස්කරණ කටයුත්ත සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ මධ්‍යම පරිසර අධිකාරියෙන් කිසිදු පූර්ව අනුමැතියක් හෝ පාරිසරික නිර්දේශයක් ලබාගෙන නොමැති බවද විමර්ශනයේදී හෙළිව තිබේ.

ඒ අනුව සිදුවූ පාරිසරික හානිය සැලකිල්ලට ගනිමින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට එරෙහිව වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරා ඇති අතර සිද්ධිය සම්බන්ධව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලෙකම්වරයා විසින් පොලිසිය වෙත පැමිණිල්ලක්ද ගොනු කර ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.

අමාත්‍යාංශය සඳහන් කරනුයේ රාජ්‍ය සංවර්ධන කටයුත්තක් වුවද රටේ පවතින පාරිසරික නීති රෙගුලාසි උල්ලංඝණය කරමින් මෙවැනි සංවේදී පරිසර පද්ධති විනාශ කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොතබන බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

 අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

 ''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

කැබිනට් තීන්දු 107ක් මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි