
සර්වජන බලය නිර්මාණය වූයේ රටේ තාරුණ්‍යය සවිමත් කිරීමට බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ, සර්වජන තරුණ පෙරමුණේ සාමාජිකයින් වෙත අද (18) පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.
සර්වජන තරුණ පෙරමුණේ සාමාජිකයින්ට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම සර්වජන බලය පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.
සර්වජන තරුණ පෙරමුණේ නිලධාරි මණ්ඩලය පත්කිරීමද මෙහිදී සිදුකෙරුණි.
සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,
"සර්වජන බලය නිර්මාණය වෙන්නේ මට ජනාධිපති වෙන්නවත් මෙතන ඉන්න අයට ඇමතිවරු වෙන්නවත් නෙවෙයි. ඒ වගේ පොඩි සිහින ඉටු කරගන්න නෙවෙයි. අපේ තාරුණ්‍යය කවදද ගොඩ එන්නේ. ඒ නිසා තමයි ඔබට හෙට දවසේ ජනාධිපති වෙන්න ඕනේ නම්..මෙන්න තියෙනවා තැන.. සර්වජන බලය."
















































