
සංවිධානාත්මක අපරාධකරුවෙකු සඳහා අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ආධාර අනුබල දුන් බව කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරු ඊයේ (17) උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















































