header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
කොස් මල්ලිගේ මස්සිනා 'භූත කළුවා' ඝාතනය ගැන කරුණු රැසක් එළියට
කොස් මල්ලිගේ මස්සිනා 'භූත කළුවා' ඝාතනය ගැන කරුණු රැසක් එළියට
Mobitel 1278

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කොස්මල්ලි' නමැත්තාගේ සමීපතම ඥාතියකු වූ දමිත් ප්‍රසාද් ෆොන්සේකා නොහොත් 'භූත කළුවා' කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකළ වැටලීමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මෙහිදී සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක්, කඩු 4ක් ඇතුළු ආයුධ රැසක් සහ ජංගම දුරකථන 4ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මුහුණු ආවරණය කරගත් සිව් දෙනෙකුගෙන් යුත් කල්ලියක් ඉකුත් 7 වැනිදා අලුයම 1.45ට පමණ ත්‍රීරෝද රථයකින් පැමිණ, 'භූත කළුවා' නමැත්තා සිටි නිවසේ දොරකඩා ඇතුළු වී ඇඳක් මත නිදා සිටියදීම තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර පලාගොස් තිබුණි.

මෙලෙස ඝාතනය වූ දමිත් ප්‍රසාද් ෆොන්සේකා දෙහිවල ඕබන් පෙදෙස පදිංචිව සිටි 46 හැවිරිදි අයෙකුය.

ඔහු 'කොස්මල්ලි' නමැත්තා සමග ඩුබායි රාජ්‍යයේ වසර කිහිපයක් රැඳී සිට ඇති අතර, එහිදී ඔහු අංශභාග රෝගී තත්ත්වයට පත්වීමෙන් අනතුරුව සති කිහිපයකට ඉහතදී යළි දිවයිනට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

'භූත කළුවා' නමැත්තා ඝාතනයට  පැමිණි බවට සැකකරන පුද්ගලයකුගේ ඡායාරූපයක් CCTV දර්ශන ආධාරයෙන් ලබාගෙන, එය ඉදිරි විමර්ශන සඳහා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය වෙත යවා තිබේ.

එම පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ අඟලාන ප්‍රදේශයේ පදිංචි අයෙකුට 65%ක් පමණ සමාන බවට එම වාර්තා කොට්ඨාසයට තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම ඝාතනයට ඔහු සමග තවත් පුද්ගලයින් සිව් දෙනෙකු ගිය බව හෙළිවී ඇත.

ඔවුන් අතර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මේ වනවිට විදෙස්ගතව සැඟව සිටින සැන්ඩෝ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානම ගෝලයෙකු සිටින බවට කරුණු අනාවරණය කරගත් බව පොලිසිය පවසයි.

ඔහු තෙලවල නිවාස සංකීර්ණයේ 'සංජු' නමැත්තෙකු බවට සැකකරුවන්ගෙන් අනාවරණය වී ඇත.

එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඝාතනයට යොදාගත් විශාල ප්‍රමාණයේ කඩු 3ක් සහ පාපැදි කොක්ග්‍රීල් එකක්, අපරාධ කල්ලි සාමාජිකයන් නිර්මාණය කරන ලද තියුණු ආයුධයක් එම සැකකරු පදිංචි නිවස පිටුපස කැලෑවක තිබියදී පොලිස් භාරයට ගෙන ඇත.

එම සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී එම අපරාධය සඳහා කොරලවැල්ල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් 50,000ක මුදලකට ත්‍රීරෝද රථයක් කුලී පදනම මත ලබාගෙන, එයට ව්‍යාජ අංක තහඩුවක් සවි කර අපරාධය සඳහා පැමිණි බවටද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

අදාළ ත්‍රීරෝද පදවා ඇත්තේද තෙලවල ප්‍රදේශයේ පුද්ගලයකු බවට අනාවරණය වීමෙන් අනතුරුව, එම පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්ගෙන් අනාවරණය කළ තොරතුරු අනුව අපරාධයට යොදාගත් ත්‍රීරෝද රථය සහ අපරාධයට පැමිණි බව කියන තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකය.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම විමර්ශන සිදුකරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල