
යුරෝපීය කොමිසමේ සභාපතිනී ඌර්සුලා ෆොන් ඩර් ලේයන් (Ursula von der Leyen) විසින් ළමයින්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, අවුරුදු 13ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය, අන්තර්ජාල ක්‍රීඩා සහ AI චැට්බොට් (Chatbots) භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට යෝජනා කර ඇත.
ඇගේ යෝජනාවට අනුව, අවුරුදු 13ත් 15ත් අතර ළමයින්ට සමාජ මාධ්‍ය භාවිත කළ හැක්කේ දෙමාපියන්ගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන විශේෂ "Mini Accounts" හරහා පමණක් බව ඇය වැඩිදුරටත් පැවසීය.
ළමයින් අන්තර්ජාලයේ ඇති දැඩි ඇබ්බැහි කරවන විශේෂාංග, නරක අන්තර්ගතයන් සහ AI මගින් සාදන අසභ්‍ය ඡායාරූප වැනි අන්තරායන්ගෙන් ආරක්ෂා කරගැනීම මෙහි අරමුණයි.
යුරෝපීය සංගමයේ සාමාජික රටවල් 27 විසින් මෙම යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.



















































