
මහත් ආන්දෝලනයකට තුඩුදුන් එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.
මීට පෙර අධිකරණය විසින් කළ නියෝගයකට අනුව බන්ධනගාර නිලධාරින් විසින් නාමල් රාජපක්ෂ මහතාව අධිකරණයට රැගෙන විත් තිබේ.
මෙම නඩුකරය අද (16) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවීමට නියමිතයි.



















































