
නීතිවිරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ සැකකරුවන් 4දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා, වේළුසුමන ආයතනයට අයත් කල්මුනේ තුඩුව නාවික අනුඛණ්ඩය මඟින්, කල්මුනේ තුඩුවට ඔබ්බෙන් වූ යාපනය කලපුවේ මනියන්තෝට්ටම් ප්‍රදේශයේ ඊයේ (15) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් පරීක්‍ෂාවට ලක්කෙරිණි.
එහිදී ,නීතිවිරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 9,000ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු සහ ඩිංගි යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදා භාරයට ගත් මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.



















































