
ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් යළි ලබන 30 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
මෙම නඩුකරය අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී විත්තිකාර ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
කෙසේ වෙතත් මේ වනවිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රදානය කළ ජනාධිපති සමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ පසුබිමක උන්වහන්සේ අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටිම විශේෂත්වයකි.



















































