
මහව නගරයේ පරිගණක උපාංග අලෙවිසැලක් ඇතුළු වෙළෙඳසැල් තුනක අද (14) දහවල් 12.45ට පමණ හදිසි ගිනිගැනීමක් හටගෙන තිබේ.
මහව ප්‍රාදේශීය සභාව සහ පොලීසිය ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට මේ වන විටත් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටියි.
මේ අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවන රථ ද මහව බලා පිටත් කර යැවූ බව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානී, නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා පැවසීය.



















































