
2019 වසරේ ආරම්භ කර අතරමග වැඩ ඇනහිට ඇති දඹේතැන්න ග්‍රාමනිලධාරි වසමේ මාවුස්සාගොල්ල ආපදා නිවාස ව්‍යාපෘතියේ වැඩ නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
ඊට අදාළ නිරීක්ෂණ චාරිකාවක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) සිදුකෙරිණි.
නායයාමේ අධි අවදානම් කලාපයක් වන දඹේතැන්න ග්‍රාම නිලධාරී වසමේ මාවුස්සාගොල්ල වතු කොටසේ ජනතාව මේවනතෙක් අවදානම් ප්‍රදේශවල ජීවත් වෙති.
එම පිරිස වෙනුවෙන් 2019 වර්ෂයේ නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළත් මේ වන තෙක් එම නිවාසවල වැඩ කටයුතු අවසන්ව නොමැත.
මුල් අදියර යටතේ නිවාස 65ක් ඉදිකිරීමට යෝජනා වී ඇති අතර ඒ අතරින් නිවාස 34ක අතිවාරම දමා ඇති බවද සඳහන්.
එමෙන්ම වහල ඉදිකළ යුතු මට්ටමේ නිවාස 24ක් හා වහල ඉදිකර අවසන් නිවාස 7ක් මෙයට ඇතුළත්ය.
මේ සඳහා යුද හමුදා ඉංජිනේරු සේවා බලකායේ දැනුම හා ශ්‍රමදායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද මෙහි දී දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රකාශ කර සිටියේය.
මෙම ව්‍යාපෘතිය යටතේ ජලය, විදුලිය, මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්තුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.



















































