header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
පොල් වගාව ආරක්ෂා කිරීම සඳහා රුපියල් මිලියන 2,500 සහනාධාරයක්
පොල් වගාව ආරක්ෂා කිරීම සඳහා රුපියල් මිලියන 2,500 සහනාධාරයක්
Mobitel 1278

පවතින වියළි කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම සඳහා විශේෂ සහනාධාර වැඩසටහනක් දියත් කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබේ.

එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසුවේ පොල් අස්වැන්න වැඩි කර ගැනීමට සහ අස්වැන්න රැක ගැනීමේ අරමුණින් රුපියල් මිලියන 2,500 ක ප්‍රතිපාදන යටතේ මෙම සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කරන බවය.

මෙම සහනාධාර වැඩසටහන තුළින් පොල් වගාකරන ගොවීන් උනන්දු කරවීම, පොල් ඵළදාව වැඩි කරගැනීම සහ පොල් ඉඩම් පුනරුත්ථාපනය කිරීම අරමුණ බවද ඒ මහතා සඳහන් කළේය

මේ අතර පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ මේ දක්වා පොල් වගාව සඳහා බලපෑමක් එල්ල වී නොමැති බවත් කෙසේ නමුත් ඉදිරියේදී එල්නිනෝ තත්ත්වයේ වර්ධනයක් පැවතියහොත් එය වගාවට බලපෑමක් එල්ල කළ හැකි බවද පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් පවතින උෂ්ණත්ව කාලගුණික තත්ත්වය සහ ඉදිරියේදී ඇතිවිය හැකි එල්නිනෝ තත්ත්වයේ වර්ධනය සම්බන්ධවද පොල්වගා කිරීමේ මණ්ඩලය අවධානය යොමු කර ඇති බැවින් මේ සම්බන්ධව අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් පවතින බවද සභාපතිවරයා සඳහන් කළේය.

අදාළ සහනාධාර වැඩසටහන යටතේ ගම්පහ, කුරුණෑගල, කුලියාපිටිය, පුත්තලම වැනි දිස්ත්‍රික්කවල පිහිටි පොල් වගාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවත් මීට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවලද පොල් වගාවන් සම්බන්ධවද මෙම සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක වන බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම සහනාධාර ක්‍රමවේදය යටතේ පොල් ඉඩම්වල ජල සම්පාදනය ඉදිකර ගැනීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් බැගින් අක්කර 5ක් දක්වා සහනාධාරය ලබා දෙන බවත් මීට අමතරව ජල සංරක්ෂණය සඳහා එක් පොල් ගසකට රුපියල් 200 බැගින් ලබා දීමට ද පියවර ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

තවද පොල් වගා කිරීමේ මණ්ඩලය යටතේ කප්රුක ණය යෝජනා ක්‍රමය මගින්ද පොල් වගාකරුවන් සඳහා ණය ලබා ගැනීමේ හැකියාව පවතින බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව පොල් වගාකරුවන් මේ සම්බන්ධව දැනුවත් වෙමින් අදාළ සහනාධාර ලබා ගැනීමට උනන්දු වන ලෙසත් පොල් වගාවන් ආරක්ෂා කර ගනිමින් පොල් අස්වැන්න රැක ගැනීමට කටයුතු කරන ලෙසත් ඒ මහතා පොල් වගාකරුවන් වෙත දැනුම්දීමක්ද සිදු කළේය.

මේ අතර වාර්ෂික පොල් අස්වැන්න මෙම වසරේ මුල් මාස 6 තුළ 24%කින් ඉහළ ගොස් ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේය. 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

 දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

 දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය - මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට