
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු M Moniruzzaman නිල හමුවක් සඳහා අද (10) නාවික හමුදා මූලස්ථානයේදී වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අතර පවත්වා තිබේ.
මෙම නිල හමුවේදී නාවික හමුදාපති ධුරයේ වැඩ භාරගැනීම වෙනුවෙන්, නාවික හමුදාපතිවරයා වෙත ඔහු සිය සුභාශිංසන පිරිනැමුවේය.
අනතුරුව, සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ දෙපාර්ශවය අතර සුහද පිළිසඳරක් පවත්වා ඇති බව සඳහන්ය.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ කොමදෝරු M Moniruzzaman අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.



















































