
ඉන්දියානු ආරක්‍ෂක අමාත්‍ය රාජ්පුත් සිං මහතා ආරක්‍ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංයේ සංචාරයක නිරත වී තිබේ.
අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණි ඉන්දියානු ආරක්‍ෂක අමාත්‍යවරයා, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) විසින් පිළිගනු ලැබූ අතර, අනතුරුව ඒ මහතා වෙත ශ්‍රී ලංකා යුද හමුදා සම්ප්‍රදානුකූලව ආචාර සම්මාන මුරයක් ද පිරිනමන ලදී.
මෙහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන සමීප සබඳතා සහ ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳව අවධාරණය කළේය.
විශේෂයෙන්ම අභියෝගාත්මක සහ හදිසි අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් දැක්වූ නොපසුබස්නා සහයෝගය හා උපකාර කෙරෙහි ශ්‍රී ලංකා රජයේ ගෞරවනීය කෘතඥතාව ඒ මහතා මෙහිදී පළ කර සිටියේය.
ශ්‍රී ලංකාව දක්වන ලද සුහදශිලී පිළිගැනීම පිළිබඳව සිය සතුට පළ කළ ඉන්දියානු ආරක්‍ෂක අමාත්‍යවරයා, දෙරට අතර පවතින ඓතිහාසික හා නොබිඳුණු සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරි කාලය තුළ ආරක්‍ෂක හා අනෙකුත් ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට කැපවන බව ප්‍රකාශ කළේය.
මෙම නිල හමුව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් මෙන්ම අතිරේක ලේකම් (සිවිල් ආරක්‍ෂක හා සංවර්ධන) ඉන්දිකා විජේගුණවර්ධන මහත්මිය, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් Santosh Jha මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ඉන්දියානු නියෝජිත පිරිසේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්
එක්ව සිටියහ.

















































