
හොරණ වගවත්ත කළු පහන පාසල අසලදී අධික වේගයෙන් හිස් ආවරණ ද නොමැතිව ගමන් කළ යතුරුපැදියක් අනතුරට ලක්වී පුද්ගයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරකින් මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි අයෙකි.
ඔහු පසුගියදා හොරණ නගරයේ පැවැති සංගීත සංදර්ශනයක් නැරඹීමෙන් අනතුරුව යතුරුපැදියෙන් නිවස බලා යමින් සිටියදී රාත්‍රී දෙකට පමණ මෙම අනතුරට මුහුණ පා ඇත.
පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අනතුර පිළිබඳව රාත්‍රී කාලයේ කිසිවෙකුත් දැක නොමැති අතර උදෑසන කාලයේ මාර්ගයේ ගමන් කළ අයෙකු සිද්ධිය දැක පොලීසියට දැනුම්දී ඇති බවයි.
පසුව සිදුකළ පරීක්‍ෂණවලදී මියගිය පුද්ගලයා හොරණ ප්‍රදේශයේ පැවති සංගීතය බලා ජංගම යෙදුමක් ඔස්සේ ලබාගත් යතුරුපැදියකින් වගවත්ත ප්‍රදේශයට පැමිණ එම ප්‍රදේශයේ දමා තිබූ ඔහුගේ යතුරුපැදිය රැගෙන තවත් යහළුවෙකුගේ යතුරුපැදියක් සමඟ පසුපසින් වේගයෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.
මේ අතර, අනතුරට මුහුණපා ඇති අවස්ථාවේ ඉදිරි පසින් ගමන් කළ පුද්ගලයා මෙම අනතුර දැක ඇති බව ද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිස් ස්ථානය ඉදිරි පරීක්ෂණ පවත්වනු ලබයි.

















































