
ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස්, Masood Imad මහතා නිල හමුවක් සඳහා අද (08) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමු විය.
මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපති වශයෙන් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ භාරගැනීම වෙනුවෙන්, නාවික හමුදාපති වෙත ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් විසින් සිය ශුභාශිංසන පිරිනැමීය.
සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්වීපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ දෙපාර්ශවය අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Hassan Amir ද එම නිල හමුව සඳහා සහභාගි විය.

















































