
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා සමග ගිවිසුම් තුනකට හෙට (09) දිනයේදී අත්සන් තැබෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව මෙරට ශිෂ්‍යභට කණ්ඩායම් සහ ඉන්දියනු ශිෂ්‍යභට කණ්ඩායම් අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම, ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ඉන්දියාවේ ආරක්ෂක විධ්‍යාපීඨය අතර අවබෝධා ගිවිසුම සහ ඉන්දියානු රජය විසින් පසුගිය කාලයේ මෙරටට ලබා දුන් ගුවන් ආරක්ෂක අවි නොමිලයේම නඩත්තු කර දීම සඳහා වූ ගිවිසුම් තුනක් සඳහා හෙට දිනයේදී අත්සන් තැබෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද පස්වරුවේ ඉන්දීය ප්‍රජාව මුණ ගැසීමට නියමිත බවත් හෙට දිනයේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරිය මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු හමුවීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
"එතුමා ලංකාවට එන්නේ ප්‍රධාන වශයෙන් ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සබඳතාවයන් තවත් ශක්තිමත් කරන්න. ආරක්ෂක කටයුතුවලට පමණක්ම නෙමෙයි. ඇත්තටම එන්නේ දෙරට අතර සම්බන්ධතාවය තවත් ශක්තිමත් කරන්න. අද එතුමා ලංකාවට ඇවිල්ලා සවස ඉන්දියානු ප්‍රජාව මුණ ගැසීමට නියමිතයි. ඒත් එක්කම හෙට උදේ ජනාධිපතිතුමාත් එක්ක ද්විපාර්ශ්වික සාකච්ඡාවක් තියෙනවා. ඉන් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එක්ක සුහද කතා බහක් තියෙනවා. හවස අග්‍රාමාත්‍යතුමියව මුණ ගැසෙනවා. හෙට හවස ගංගාරාම විහාරස්ථානයේ බෝධි පූජාවකට එතුමා සම්බන්ධ වෙනවා. අනිද්දා උදේ නුවරඑළියේ සීතා අම්මාන් කෝවිලට යනවා. මේක තමයි සරළම වැඩසටහන.
හෙට ජනාධිපතිතුමා මුණ ගැහෙන අවස්ථාවේදි ඉන්දියාව සහ සහ ලංකාව අතර ගිවිසුම් තුනක් හුවමාරු කරගන්නවා. ඒ ගිවිසුම් ගත්තොත් පළවෙනි එක තමයි ලංකාවේ ශිෂ්‍යභට කණ්ඩායම් සහ ඉන්දියාවේ ශිෂ්‍යභට කණ්ඩායම් අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම. ඒ කියන්නේ දෙරට අතර ශිෂ්‍යභටයන් අන්‍යෝන්‍ය වශයෙන් පුහුණු කිරීම්, ඒකාබද්ධ වැඩසටහන්වලට සම්බන්ධ වීම්.
දෙවැනි එක තමයි ලංකාවේ තියෙන ජාතික ආරක්ෂක විද්‍යාලයයි ඉන්දියාවේ ආරක්ෂක විධ්‍යාපීඨය අතර ගිවිසුම. මෙකෙන් වෙන්නේ දැනට අපේ රටේ ආරක්ෂක විද්‍යාලයෙන් ආරක්ෂක අංශයට යම් යම් පාඨමාලා පවත්වාගෙන යනවා ඒ වගේම ජාත්‍යන්තර ශිෂ්‍යන්ටත් පාඨමාලා පවත්වනවා. ඉතිං මේ ආයතන දෙක අන්‍යෝන්‍ය හුවමාරු වැඩසටහන් සහ දැනුම බෙදා හදා ගැනීම්, උපදේශකයින් හුවමාරු කර ගැනීම් තමයි මේ ගිවිසුමේ තියෙන්නේ.
තුන්වැනි ගිවිසුම 2000-2006 කාලය තුළ ඉන්දියානු රජය අපිට ආධාර විදිහට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිලිමීටර් 40L70 කියන ගුවන් ආරක්ෂක අවි 24ක් අපිට ප්‍රධානයක් විදිහට ලබා දුන්නා. මේ ගුවන් ආරක්ෂක අවි 24න් 18ක් නඩත්තු කටයුතු නොමිලයේම ලබා දුන්නා පහුගිය කාලය තුළ. ඉතුරු වෙලා තිබුණා 6ක් ඒ ඉතුරු 6ත් නොමිලයේම නඩත්තු කරලා දෙන්න ගිවිසුමකට එළැඹෙනවා. මෙන්න මේ ගිවිසුම් තුන තමයි හුවමාරු වෙන්නේ"

















































