
UPDATE:12.00PM
හෙරොයින් මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට අදාළ නඩුව යළි ඔක්තෝබර් මස 02 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුව අද (08) කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන සිටින විත්තිකාර ශිරාන් බාසික් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ආරම්භ කෙරුණු අතර එහිදී රජයේ නීතිඥවරිය කියා සිටියේ, මෙම නඩුවට අදාළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තිබෙන බවත් ඒවා අධිකරණයට රැගෙන ඒම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරු වරිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතින අදාළ නඩු භාණ්ඩ කොළඹ මහාධිකරණයට රැගෙන ඒම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදෙන ලෙස එම දෙපාර්තමේන්තුවට නියම කළේය.
ඉන් අනතුරුව විත්තිකාර ශිරාන් බාසික් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ ඇතැම් ලේඛන සහ CCTV දර්ශන තමන්ට ලැබී නොමැති බවත් එම ද්‍රව්‍ය ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
සෙසු විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද එම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු වරිය විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන මීළඟ නඩු දිනයට පෙර ඔවුන් වෙත ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයේ නීතිඥවරියට නියම කළේය.
මේ අතර මෙහි එක් විත්තිකරුවකුවකු පිලිපීන ජාතිකයෙකු බැවින් නඩු විභාග කටයුතු වලට සහාය වීම සඳහා මීළග නඩු දිනයේ ඉංග්‍රීසි භාෂා පරිවර්තකයෙකු ඉදිරිපත් කිරිමට පියවර ගන්නා ලෙසත් විනිසුරු වරිය විසින් මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.
හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ සහ ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මීට වසර කිහිපයකට පෙර මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා ඉදිරිපත් කර තිබේ.
UPDATE:10.54AM
මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට අදාළ නඩුව යළි ඔක්තෝබර් මස 02 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුව අද (08) කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන සිටින විත්තිකාර ශිරාන් බාසික් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

















































