
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව මුලතිව් පුදුමාතලන් වෙරළ ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද මත්ස්‍යයින් තොගයක් නීතියේ රැහැනට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව,ඊයේ(07) නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය, මුලතිව් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, පුදුමාතලන් වෙරළ ප්‍රදේශයේ මත්ස්‍ය තොග රැස්කර තිබූ සැකකටයුතු ස්ථානයක් පරීක්‍ෂාවට ලක්කෙරිණි.
එහිදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද කිලෝ ග්‍රෑම් 3,200කට අධික මත්ස්‍ය තොගයක් සමඟ සැකකාරියක මෙලෙස නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.
සැකකාරිය වයස අවුරුදු 38ක් වන පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පදිංචි බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකාරිය සහ මත්ස්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

















































