
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී අලි මිනිස් ගැටුම් කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා සඳහන් කළේ, මේ වසර තුළ පසුගිය මස 21 වන දින දක්වා ලැබී ඇති සංඛ්‍යා දත්තවලට අනුව අලි මිනිස් ගැටුම හේතුවෙන් වනඅලි 207ක් මියගොස් ඇති අතර පුද්ගලයින් 88 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
පවතින වියළි කාලගුණයත් සමඟ වනඅලින්ගේ සංචරණය ඉහළ මට්ටමක පවතින බැවින් ඒ සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් මාරසිංහ මහතා,

















































