
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය ඇතැම් පිරිස් වැරදි ලෙස අර්ථකථනය කරමින් සිටින බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බව පසුගියදා බුලත්සිංහල පැවති ජනරැලියේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ අදහස් පළකර තිබුණි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂය විසින් සිදුකරනු ලබන විවේචනවලට ඊයේ (07) රාත්‍රියේ ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වීය.
ප්‍රශ්නය - අධිකරණය විසින් තීන්දුව ලබාදිය යුතු පසුබිමක රටේ ජනාධිපතිවරයා කියනවා තීන්දුව ලැබුණු වහාම ක්ෂණිකව සම්මත කරගන්නවා කියලා. ඒක අධිකරණය පිළිබඳ විශ්වාසය පළුදු වෙන ජනාධිපතිවරයා නොකළ යුතු ප්‍රකාශයක් කියලා ඔබ පිළිගන්නේ නැද්ද?
"නෑ නේ... අපි මේක ගේන්නෙම පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය මොන තීරණය දුන්නත් පළවෙනි තීන්දුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන්න පුළුවන් තීරණය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සම්මත කරගැනීමෙන් සහ ජනමත විචාරණයක්. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් සම්මත කරගැනීම පමණක් ජනමත විචාරණයක් අවශ්‍ය නෑ කියලා. එතකොට අවස්ථා දෙකේම අනිවාර්යයෙන්ම දෙන දේ තමා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කරගැනීම."
ප්‍රශ්නය - පාර්ලිමේන්තුවට ගෙනත් තුනෙන් දෙකක් ලැබුණා කියලා පනත සම්මත වෙන්නේ නෑ. ශ්‍රේෂ්ඨාධිකරණය යම් හෙයකින් කිව්වොත් මේක ජනමත විචාරණයකටත් යන්න කියලා ආණ්ඩුවට බෑ මේක පාර්ලිමේන්තුවේ ක්ෂණිකව සම්මත කරන්න. ආණ්ඩුවට පුළුවන් තුනෙන් දෙකක් ලබාගන්න.
"අපේ ජනාධිපතිතුමා කියන දේයි ඒකෙයි කිසි පරස්පරයක් නෑ. ජනාධිපතිතුමා කියන්නේ පාර්ලිමේන්තුවෙන් ක්ෂණිකව සම්මත කරගැනීම පමණයි. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් ජනමත විචාරණයකට යන්න ඔ්නේ කියලා කිසි ගැටලුවක් නෑ..."
ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පහත වීඩියෝවේ දැක්වේ…
මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව නීතීඥ ශිරාල් ලක්තිලක මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය.

















































