
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ලක් සඳ සෙවණ, සාලමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 02ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ලද තොරතුරක් මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (07) රාත්‍රියේ සිදු කළ වැටලීමකදීය.
24 හැවිරිදි සැකකරු ලක්සඳ සෙවණ, සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

















































