
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩෲ ෆ්‍රෙන්ච් (Marc-André Franche) මහතා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
අද (07) පෙරවරුවේ සිදුවූ මෙම හමුවේදී 'දිට්වා' සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
එල්නිනෝ තත්ත්වය හමුවේ ඉදිරියේදී ඇති විය හැකි ආපදාවලට මුහුණදීම සඳහා රජය ගෙන ඇති පියවර සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී විසින් එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් වෙත පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන මෙම ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව මාර්ක් ඇන්ඩෲ මහතා මෙහිදී සහතික විය.
මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හවුල්කාරිත්ව සහ සංවර්ධන මූල්‍ය විශේෂඥ අසාම් බාකීර් මාකර් මහතා සහ ශ්‍රී ලංකාවේ මානුෂීය සහ ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳ නිලධාරිනී වගීෂා පෙරේරා මහත්මිය ද සහභාගී වූහ.

















































