
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එම නිවේදනය අද (07) රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නැගෙනහිර සහ ඌව පළාත් සහ පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සිටින ජනතාවට මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙසය.
ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව සඳහන්.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

















































