
නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ වෙන්නප්පුව පොලීසිය ඒකාබද්ධව සිදු කළ සෝදිසි මෙහෙයුමකිනි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 38ක් වන වයික්කාල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
එහිදී නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කරන ගෝඩා සහිත බැරල් තුනක් හා ලීටර් තුන්සියයක්, හිස් බැරල් පහක්, නීති විරෝධි මත් පැන් සහිත කෑන් දෙකක් හා ලීටර් අසූවක් සහ තඹ දගර දෙකක් ආරක්ෂක අංශය භාරයට ගෙන ඇත.
එම සැකකරුවන්, නීති විරෝධි මත්පැන් තොගය සහ අනෙකුත් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙන්නප්පුව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.;

















































