
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මේ වනවිට හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අරුන්දික ප‍්‍රනාන්දුගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් ඇති බව වාර්තා වෙයි.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පසුගියදා ඩුබායි සිට රැගෙන ආ ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙලෙස ප්‍රකාශ සටහන් කරගනිමින් ඇති බවද සඳහන්ය.
වැඩිදුරටත් වාර්තා වන්නේ මෙහිදී අරුන්දික ප‍්‍රනාන්දුගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන්ද ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවය.

















































